Sunday, May 19, 2024

General line - 0115112241

වසර 20ක් අදානිගේ සුළං බලාගාරවලින් විදුලිය ගන්න කැබිනට් අනුමැතිය




මන්නාරම සහ පුනරින්හි මෙගා වොට් 484ක සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අනුව, යෝජිත ව්‍යාපෘතියේ යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8යි 26ක් අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට යටත්වයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුව වසර 20ක කාලසීමාවක් සඳහා එම් එස් අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් වෙත විදුලිය මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය පිරිනැමීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් සමග මන්නාරම සහ පුනරින්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ ඉකුත් මාර්තු මස 07වන දිනයි.

ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව ඇගයීම සඳහා අමාත්‍ය මන්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය අදාළ අනුමැතිය ලබා දී තිබෙනවා. 

මේ අතර විදුලිබල ක්ෂේත්‍රයේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවෙදී වාද විවාද ඇති වුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කිරීමත් සමගයි.


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.