Monday, May 20, 2024

General line - 0115112241

රතු බිල එන්නත් පෙර විදුලිය විසන්ධි කරන්නේ ඇයි?




විදුලි බිල නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලි සබඳතා පෙර දැනුම් දීමකින් තොරව විසන්ධි කිරීම් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වෙමින් ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ හෙළි කෙරුණා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ පෙන්වා දුන්නේ දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදු වන බවට තොරතුරු පවතින බවයි.

කිසියම් ඉලක්කයක් සපුරා ගැනීමේ අරමුණින් මෙන් ඇතැම් පාර්ශව දිගින් දිගටම මෙය සිදු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පැවසුවේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊට පිළිතුරු දෙමින් පැවසුවේ විදුලි බිල නොගෙවන පාරිභෝගිකයින්ගේ විදුලි සබඳතා පෙර දැනුම් දීමකින් තොරව විසන්ධි කිරීම් සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ට විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

මේ අතර සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට ලබා දී ඇති උපදෙස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තතු මන්ත්‍රී දයාසිරි ජයසේකර හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතර පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයක් ඇති වුණා. 

පාර්ලිමේන්තුව අද දිනයේද රැස්වන අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.