Monday, May 20, 2024

General line - 0115112241

මෙරට සෙබළුන් රුසියාවට හා යුක්‍රේනයට රැගෙන යන ජාවාරම තවමත්




රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරුවල රැකියා ලබා දෙන බව පවසා මෙරට හමුදා සාමාජිකයින් එම රටවලට රැගෙන යාමේ ජාවාරමට හසු නොවන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදා සමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ මේ වන විටද රුසියාව සහ යුක්‍රේනයට රැගෙන ගිය මෙරට හමුදා සාමාජිකයින් පිරිසක් මියගොස් ඇති බවට තොරතුරු පවතින බවයි.

කෙසේවෙතත් ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකර ගැනීම පවා අපහසු වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් මේ වන විටද ක්‍රියාත්මක බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරුවල රැකියා ලබා දෙන බව පවසා මෙරට හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මේ වන විටත් එම රටවලට රැගෙන ගොස් ඇති බවටයි පාර්ලිමේන්තුවේදීද ඉකුත් දා ප්‍රකාශ කෙරුණේ.