Monday, May 20, 2024

General line - 0115112241

ව්‍යාජ ලේඛන පෙන්වා බැංකුවක් නොමග යැවූ දෙදෙනෙකු අත්අඩංගුවට




ව්‍යාජ ලෙස සැකසූ මුදු උකස් කර මුදල් ලබා ගැනීමට ව්‍යාජ හැදුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් සකස් කර රාජ්‍ය බැංකුවකට ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තණමල්විල ප්‍රදේශයේ මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ බැංකුවෙන් ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදීයි.

අදාළ පුද්ගලයින් දෙදෙනා එම ව්‍යාජ මුදු උකස් කර රුපියල් දහහත් ලක්ෂ 9,000ක මුදලක් ලබා ගෙන තිබෙනවා.

ඔවුන් අවස්ථා කිහිපයකදීම මෙලෙස ව්‍යාජ මුදු දහයක් පමණ බැංකුවට උකස් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 
ජයන්ත වීරසේකර