Monday, May 20, 2024

General line - 0115112241

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් STF අත්අඩංගුවට




ජාවාරම් කිරීම සඳහා යතුරු පැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුක්තිය මෙහෙයුමට අදාළව පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ පුලියන්කුලම කඳවුරේ නිලධාරීන් පිරිසක් වව්නියාව, තාන්ඩිකුලම, ඒ 09 මාර්ගයේ ඔන්මාර්ට් යුධ හමුදා ආපනශාලාව අසල සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 124ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් තම භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියට අදාළ විමර්ශන වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.