Monday, May 20, 2024

General line - 0115112241

යුක්‍රේන යුද්ධයට මෙරට සෙබළු යවන ජාවාරම මඩින්න විශේෂ මෙහෙයුමක්




විශ්‍රාමික හමුදා සාමාජිකයින් හට ඉහළ වැටුප් සහ වරප්‍රසාද හිමි වන බවට  නොමඟ යවමින් රුසියා - යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධ තොරතුරු දැනුම්දීම සඳහා දුරකතන අංක 02ක් හඳුන්වා දී තිබෙනවා.

011 7 192 142 හා 011 7 192 250 එම දුරකතන අංක වනවා.

නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා පුද්ගලයින් හෝ වෙනත් අය සම්බන්ධ තොරතුරු තිබේනම්, මෙම අංකවලට වහාම දැනුම් දෙන ලෙසයි.

ආරක්ෂක අංශ පවසන්නේ විවිධ අසත්‍ය ප්‍රචාර හරහා මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයින් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් රුසියානු - යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එලෙස සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන යනු ලබන විශ්‍රාමික හමුදා පුද්ගලයින්, රුසියාව සහ යුක්‍රේනය තුළ ක්‍රියාත්මක වන කුලී හමුදාවන් වෙත අනුයුක්ත කෙරෙන බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් හට පොරොන්දු වන කිසිදු ඉහළ වැටුපක් හෝ වරප්‍රසාදයක් හිමි නොවන බවටත්, අධික සීතල, අවම පහසුකම් සහිත කිසිදු සන්නිවේදන පහසුකමක් නොමැති දුෂ්කර සහ කටුක තත්වයන්ට මුහුණ දී ඇති බවටත් තොරතුරු අනාවරණය වන බවයි ශ්‍රී ලංකා නාවික හමුදාවද පවසන්නේ.