Monday, May 20, 2024

General line - 0115112241

ඉහළ නිලධාරියෙක් අනියම් ඇසුරකට පොළඹවාගෙන ලක්ෂ 10ක භාණ්ඩ කොල්ල කෑ තරුණියක් අත්අඩංගුවට

සම්පත් කුලරත්න




පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවාගෙන ඔහුගේ නිවසේ තිබූ භාණ්ඩ සොරකම් කළ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වූ අදාළ පරිපාලන නිලධාරියා විසින් කළ පැමිණිල්ලකට අනුවයි පින්වත්ත පොලීසිය මගින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ සැකකාරිය රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ මෙම පුද්ගලයාගේ නිවසෙන් සොරකම් කර තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එම තරුණිය අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ සැකකාරිය තවත් තරුණයෙකු සමග එක්ව පරිපාලන නිලධාරියාගේ නිවසට ජනේලයකින් ඇතුල් වී මෙම භාණ්ඩ සොරකම් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයන් පින්වත්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.