Monday, May 20, 2024

General line - 0115112241

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපති අතර විශේෂ හමුවක්




අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද පවත්වා තිබෙනවා.

ඒ, දෙරට අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්‍යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළවයි.

ඉදිරියේ දී ප්‍රශස්ත මට්ටමේ කොරියානු වෘත්තීය පුහුණු අවස්ථා සඳහා අදාළ වන පරිදි මෙරට පුහුණු පාඨමාලා සැකසීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ.