Monday, May 20, 2024

General line - 0115112241

අමරවීර ඇතුළු පිරිසක් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

උදය කුමාර 




අමාත්‍ය වන මහින්ද අමරවීර, අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශවය ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කරන ලෙස නියෝග කළ අධිකරණය එම නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙස නියෝග කළා.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීති විරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම මැති ඇමතිවරුන් පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ එම නඩු පවරා තිබෙනවා.