Monday, May 20, 2024

General line - 0115112241

විදුලිබල පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

උදය කුමාර




රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පවරා දී තිබෙන බවයි.

මේ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික තීන්දු තීරණ ගැනීමට අවස්ථාව සැලසෙන අතර එය විදුලි බල මණ්ඩලයේ පැවැත්මට යහපත් නොවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

එමෙන්ම යෝජිත පනත් කෙටුම්පත හරහා විදුලි ගාස්තු අත්තනෝමතික ආකාරයට ඉහළ නැංවීමට බලය පවරාදී ඇති අතර එය මහජන සුභසාධනයට එතරම් යහපත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය යෝජිත පනත යටතේ සමාගම් කිහිපයකට වෙන් කෙරෙන අතර ඒ තුළින් සේවකයින්ගේ වෘත්තිය සුරක්ෂිතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් කෙරෙන බවත් පෙත්සමේ සඳහන්.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.