Monday, May 20, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක්




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ, ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රෆා වෙත ප්‍රහාර එල්ල කළහොත් ඊශ්‍රායලයට ලබාදෙන යුද ආධාර සැපයීම නවතා දමන බවටයි.

ඉකුත් කාල සීමාව තුළ අමෙරිකාව ඊශ්‍රායලයට මිසයිල සහ කාලතුවක්කු අවි සැපයූ බවට විදෙස් මාධ්‍ය වාර්තා පළවුණා. ඒ හේතුවෙන් රෆා වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවක් ඇති බවටයි පැවසෙන්නේ.

එමෙන්ම පසුගිය සතියේදී අමෙරිකාව විසින් ඊශ්‍රායලයට බෝම්බ 3,500ක් පමණ ලබාදී ඇති බවටද මාධ්‍ය වාර්තා පළවුණා.

කෙසේවෙතත් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ජෝ බයිඩන්ගේ නවතම ප්‍රකාශයෙන් හැඟී යන්නේ ඊශ්‍රායලයේ යුධ ගැටුම් සම්බන්ධයෙන් ඔහු ඒ තරම් ප්‍රසාදයක් නොදක්වන බවයි.