Monday, May 20, 2024

General line - 0115112241

නීති විරෝධී ලන්ච් ෂීට් තොගයක් සොයා ගනී




නීති විරෝධී “ලන්ච් ෂීට්” කිලෝ ග්‍රෑම් 1,625ක පමණ තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ, මධ්‍යම පරිසර අධිකාරියට ලද තොරතුරක් මත පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශවල සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

එහිදී කැස්බෑව, කහපොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරමින් තිබියදී සොයාගෙන ඇති නීති විරෝධී “ලන්ච් ෂීට්” ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1,500ක් පමණ වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පැවසුවේ.

තවත් නීති විරෝධී “ලන්ච් ෂීට්” කිලෝ ග්‍රෑම් 125ක ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ බෙල්ලන්විල පන්සල පාරේ ලොරි රථයක ගබඩාකර තිබියදීයි.

ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ කාර්මාන්ත ශාලාවේ හිමිකරුට සහ ලොරි රථයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පැවසුවා.