Monday, May 20, 2024

General line - 0115112241

මහඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ 07 දෙනෙකුට වැඩ වරදියි

රංජිත් රාජපක්ෂ




කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ විශාල පරිසර හානියක් සිදුකරමින් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරින් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීයි.

සැකකරුවන් විසින් මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබුවේ බගවන්තලාව ප්‍රදේශයේ වතුයායක පදිංචි පුද්ගලයින් 07 දෙනෙක්.

ලබන 14වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට උපදෙස් ලබාදෙමින් එම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරි බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.