Tuesday, May 21, 2024

General line - 0115112241

වැඩ වර්ජනයක් නිසා ආර්ජන්ටිනාවේ සියලු කටයුතු බිඳවැටේ




රාජ්‍ය වියදම් කප්පාදු කිරීම හේතුවෙන් ආර්ජන්ටිනාවේ වෘත්තීය සමිති කිහිපයක් එක්දින වැඩ වර්ජනයක නිරත වනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම වැඩ වර්ජනය ආර්ජන්ටිනාවේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන බවයි. රාජ්‍ය වියදම් කප්පාදුව හරහා සහනාධාර සහ සමාජ සුභසාදන වැඩසටහන් කප්පාදු කර ඇති බවට වර්ජනයේ නිරත වෘත්තීය සමිති චෝදනා කරනවා.

ඔවුන්ගේ වර්ජනය හේතුවෙන් එරට බැංකු, පාසල්, සාප්පු සහ දුම්රිය ස්ථාන ඇතුළු බොහොමයක් ස්ථාන වසාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එරට ප්‍රවාහන ක්ෂේත්‍රයටද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. 

වෘත්තීය සමිති එල්ල කරන චෝදනාවලට ආර්ජන්ටිනා ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව සිය ආණ්ඩුව මඟින් දැනටමත් වෘත්තීය සමිතිවලට බොහෝ සහන ලබාදී ඇති බව එරට ජනාධිපතිවරයා පවසා තිබෙනවා.