වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා වෙනුවෙන් ප්‍රදානය කෙරෙන ඉංජිනේරු ආචාර්ය ඒ සී විශ්වලිංගම් සම්මානය සඳහා අයදුම්පත් කැඳවිම මේවන විට ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය පැවසුවේ කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයෙන් හෝ www.iesl.lk වෙබ් අඩවියෙන් එම අයදුම්පත් බාගත හැකි බවයි.
අයදුම්පත් භාර ගැනීම මැයි 31වනදායින් අවසන් වනවා.
විශිෂ්ටතම ඉංජිනේරුවා සඳහා වන ඉංජිනේරු ආචාර්ය ඒ සී විශ්වලිංගම් සම්මානයේ නිල එළිදැක්වීම ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදුවුණා.
මෙරට වෘත්තීය ඉංජිනේරුවන් සඳහා වන සිය සාමාජිකයන් වෙනුවෙන් උසස් නිපුණතාවයෙන් සහ අවංක භාවයෙන් යුතුව තම රාජකාරි ඉටුකරමින්, රටේ සහ වෘත්තියේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් කළ යාවත්කාලීන ඉංජිනේරුවන් හඳුනාගැනීමට මෙම සම්මානය හරහා කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය පැවසුවේ.