Tuesday, May 21, 2024

General line - 0115112241

ගුරු පත්වීම් ගැන සජිත්ට ප්‍රශ්නයක්




බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පිරවීම මේවන විට ආරම්භ කළද වාණිජ උපාධිධාරින් 1,200ක් පමණ ඉල්ලුම් කළත් ඉන් කිසිවෙකුටත් මෙතෙක් පත්වීම් ලබාදී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියා.

ඒ පිළිබඳ අවධානය යොමුකර අදාළ පියවර ගන්නා ලෙසයි විපක්ෂ නායකවරයා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් ඉල්ලා සිටියේ.  

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ගැටළුව සම්බන්ධයෙන් යළිත් පැහැදිලි කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමද එහිදී අදහස් පළකළා.

ඊටද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පිළිතුරු ලබාදුන්නා.