Tuesday, May 21, 2024

General line - 0115112241

ලක්ෂ 40ක හෙරොයින් සමග අඹු සැමි යුවළක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

ජයන්ත වීරසේකර




තණමල්විල, සීනුග්ගල සහ හම්බෙගමුව ප්‍රදේශවල නිවාස දෙකක සිදු කළ පරික්ෂාවකදී හෙරොයින් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 200ක් පමණ සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට අධික වනවා.

සැකකරුවන් එම ප්‍රදේශවල ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර මත්කරල් 200ක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් සෙල්වපුරම් සහ කොණ්ඩාවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.