Tuesday, May 21, 2024

General line - 0115112241

ව්‍යාජ ලිපි ලේඛන රැසක් සමග ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




ව්‍යාජ ලෙස ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන රැසක් සමග ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්.

ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන සැකකරු ඩුබායි රාජ්‍යය වෙත ගොස් රෙදිපිළි සහ පාවහන් රැගෙනවිත් මෙරට අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙක් බවයි අනාවරණ වී ඇත්තේ.

ඉතාලි ගමන් බලපත්‍ර 09ක් ව්‍යාජ ලෙස සකස් කිරීමට අවශ්‍ය මුල් පිට කවර, ඒවාට අදාළ වීසා සටහන් පත්‍රිකා 09ක්, ජර්මන් ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කිරීමට අවශ්‍ය මුල් පිට කවරයක් සහ වීසා සටහන් පත්‍රිකාවක් මෙහිදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.