Tuesday, May 21, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ළඟදීම ප්‍රකාශයට




ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන සිය පක්ෂයේ අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරණයේදී රට වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙකු සමග එකතු වීමට හෝ වෙන් වීමට සිය පක්ෂය සූදානම් බවයි ඔහු කියා සිටියේ.

ඉදිරියේදී පැවැත්වෙන සෑම මැතිවරණයකම විජයග්‍රහණයට පෙරමඟ සකසමින් පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, අද විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කළා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් එහිදී දැක්වූයේ මෙවන් අදහසක්.

මේ, එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.