ජනතාව අපේක්ෂා කරන විනිවිද පාලනයක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දුන් මුජිබර් රහුමාන් පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියා.
මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නේ පාර්ලිමේන්තුවේදී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහායි.
ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළ අතර ඒ අනුව එම මන්ත්‍රීධුරය පුරප්පාඩු වුණා.