Tuesday, May 21, 2024

General line - 0115112241

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී A.D.රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි




ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී A.D.රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතාගේ දේහය හෙට පෙරවරු 08 සිට ගල්කිස්ස පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරන බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

ඉන් අනතුරුව පෙරවරු 10ට රංජිත් කුමාර මහතාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදීමට නියමිතයි.

සරසවි පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී රංජිත් කුමාර මහතා සුමති සම්මාන කමිටුවේ වසර 20ක් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළා.

එමෙන්ම සරසවි සම්මාන කමිටුවටද ඔහු සිය දායකත්වය ලබා දුන්නේ සංවිධායකවරයෙකු ලෙසයි.