Tuesday, May 21, 2024

General line - 0115112241

නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක්වෙයි




නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එක්වුණා.

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කළ එම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

“ශ්‍රී ලංකාව ගොඩනඟමු” යන තේමාව යටතේ මෙවර එම ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.

ඊට මෙරට ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන සමාගම්වල වෙළෙඳ කුටි 300ක් අයත්.

චීනයේ ප්‍රධාන සමාගම් 30කට අයත් නිෂ්පාදනවලින් සමන්විත වෙළෙඳ කුටි ද පළමු වරට ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.

නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය ලබන 12 වනදා දක්වා පැවැත්වෙනවා.