Friday, November 1, 2024

General line - 0115112241

වාහන පර්මිට් ගන්න මන්ත්‍රීවරුන්ට මාලිමාව කරන්න යන දේ




තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගන්නා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඊට අදාළ වර්තමාන මිල, තම ආණ්ඩුවක් යටතේ යළි ලබා ගන්නා බව ජාතික ජනබලවේගය පවසනවා.

එහි ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්. 


මැතිවරණයක පවත්වා මේ මොහොතේ කිසියම් බල හුවමාරුවක් සිදු වුවහොත් එමගින් රටේ වර්තමාන ගමන බිඳ වැටෙයිද?


ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.