Saturday, July 27, 2024

General line - 0115112241

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මූල්‍ය තාක්ෂණ සම්බන්ධකතාවය ඉහළ නැංවේ




ශ්‍රී ලංකාවේ UPI සේවාවන්ට තවදුරටත් ජවය ලබාදෙමින් 2024 මැයි 15 වන දින PhonePe හා LankaPay  හවුල්කාරීත්වයෙන් PhonePe UPI  ගෙවීම් ශ්‍රී ලංකාවේ දියත් කර තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් පසුම්බි සහ ගෙවීම් යෙදුම වන මෙය ශ්‍රී ලංකාවේ සමාරම්භ කිරීමේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පීග නන්දලාල් මහතා සහභාගී වූ අතර ඒ සඳහා බැංකු ක්ෂේත්‍රයේ විධායක නිලධාරීන්ල ගෙවීම් පද්ධති සම්පාදකයන්ල ව්‍යාපාරික ආයතන සහ මාධ්‍ය ආයතන රැසක් ද සහභාගී විය.

මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස් ජා මහතා හුරු පුරුදු ඩිජිටල් ගෙවීම් පද්ධතීන් භාවිතා කිරීමේ පහසුව ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉන්දීය සංචාරකයන් තවදුරටත් දිරිගන්වනු ඇති බව සඳහන් කර සිටියේ.

හෝටල් සහ කැබ් සේවා වෙන් කිරීමේ සහ භාණ්ඩ ගෙන්වා ගැනීමේ නව්‍යකරණයන් සඳහා UPI ස්ටැක් යොදාගැනීම සඳහා ඉන්දීය සමාගම් සමඟ සම්බන්ධ වී තටයුතු කරන ලෙස එතුමා ශ්‍රී ලංකාවේ සමාගම්වලින් ඉල්ලා සිටියා.
 
අග්‍රාමත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 පෙබරවාරි 12 වන දින LankaPayසමඟ සහයෝගීතාවයෙන් ඒකාබද්ධ ගෙවීම් අතුරු මුහුණත :(UPI)  සේවාවන් ශ්‍රී ලංකාවේ දියත් කරන ලදී.

2023 ජූලි මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ප්‍රකාශයට පත් කරන ලද දැක්ම ලේඛනය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මෝදි මහතා මූල්‍ය සම්බන්ධකතාවය ශක්තිමත් කිරීම එහි ප්‍රධාන ලක්ෂණයක් වන බව සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාවේ එම සේවාව ආරම්භයේ සිට ගනුදෙනු 6000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර ඒවායේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 240කට අධිකය PhonePe UPI දියත් කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටැක්සි සේවාවක් සහ ආහාර ගෙන්වා ගැනීමේ යෙදුමක් වැනි අමතර සබඳතා ඇතුළුව දැනට පවත්නා මූල්‍ය තාක්ෂණ සම්බන්ධකතාවය තවදුරටත් ඉහළ නංවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ඩිජිටල් ක්ෂේත්‍රය තුළ සබඳතා පුළුල් කිරීම ජනතාව අතර සබඳතාවයට ද ශක්තිය ලබා දෙන අතර එය දෙරට ජනතාවගේ අභිලාෂයන් සහ අපේක්ෂාවන්ට සමගාමීව තාක්ෂණයේ නව සහ නැඟීඑන අංශවල ඉන්දියා - ශ්‍රී ලංකා හවුල්කාරීත්වයට දිදුලන නිදසුනක් වෙනවා.