Saturday, July 27, 2024

General line - 0115112241

හොර වෛද්‍යවරු ගැන දැනුම්දෙන්න දුරකතන අංකයක්




ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු 19 07 දුරකතන අංකය අමතා ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සිය සංගමය දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම දුරකතන අංකය හඳුන්වා දී ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. 


ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා තවත් වැඩපිළිවෙළ කිහිපයක් ක්‍රියාත්මක බවයි ප්‍රකාශ කෙරුණේ.