Saturday, July 27, 2024

General line - 0115112241

දූෂණ වංචා අවම කරන්න ආණ්ඩුව අලුත් වැඩකට සැරසෙයි




දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

ඇතැම් රාජ්‍ය ආයතන සිය වගකීම් නිසියාකාරව සිදු නොකරන බවයි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ. 


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර.