Saturday, July 27, 2024

General line - 0115112241

කාන්තා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් රජයෙන් විශේෂ පියවර රැසක්




කාන්තා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ යටතේ කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.


කිලිනොච්චි නගරයේ විශාල දියුණුවක් ඇති බවත් මාන්කුලම ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඇති කරමින් මෙම ප්‍රදේශ දියුණු කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවා.