Saturday, July 27, 2024

General line - 0115112241

යාපනය දිස්ත්‍රික්කය සඳහා නව ගුරු පත්වීම් 375ක් 




අතීතයේ යාපනයේ පැවති "යාපනය ගුරු සිරිත" රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය තන්දයි සෙල්වා  ශ්‍රවණාගාරයේ ඊයේ (25) පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින්.

ගුරු වෘත්තිය ආදර්ශයක් විය යුතු බවත් සටන් පාඨ කියමින් මහ පාරේ උද්ඝෝෂනය කරනවානම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බවත්  වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවත්  ජනාධිපතිවරයා පවසා සිටියා.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනෙකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු  අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.