Saturday, July 27, 2024

General line - 0115112241

රට ගොඩ නැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතුයි




රට ගොඩනැඟීමට නම් පැරැණි ආර්ථික ගමන මෙන්ම දේශපාලන ගමන ද වෙනස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා 

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ  ඉරණමඩු නෙළුම් පියස ශාලාවේ පැවති කිළිනොච්චිය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින්.

මෙරට විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික ක්‍රමය නිසා බවත්, එම නිසා අලුත් ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් නව රැකියා අවස්ථා බිහි කරගත යුතු බවත් ජනාධිපතිවරයා තරුණ සමුළුව අමතමින් සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසා සිටියේ මෙවැන්නක්.

" මෙහිදී බොහෝ දෙනෙක් මට කරුණු ඉදිරිපත් කළා. මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ආර්ථික ප්‍රශ්න ගැන අමාත්‍යවරයා ක්‍රියා කරන බව දැනුම්  දුන්නා. 

තරුණ තරුණියන්ට ආදායම් මාර්ග වගේම රැකියා අවස්ථා ද අවශ්‍යයි. 

පළමුව යාපනයෙන් හෝ ජාතික මට්ටමින් මේ ප්‍රශ්න ගැන සොයා බලන්නම්. 

අපේ රටේ පසුගිය වසර හතරක් තිස්සේ ප්‍රශ්න තබුණා. 

කොවිඩ් නිසා රටේ ආර්ථිකය කඩාවැටුණා. රැකියා අවස්ථා අහිමි වුණා. 

මම රට භාර ගත්තේ එවන් අමාරු අවස්ථාවකයි. 

අද අපට පළමුව සිදු කළ යුතුව තිබෙන්නේ කඩා වැටුණ ආර්ථිකය ගොඩ නඟන්නයි. 

මම දැන් 2023- 2024 රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. 

එය අවසන් කරන්න අවශ්‍යයි. 

රට බංකොලොත් කියා ලෝකය පිළිගත්තා. 

රට බංකොලොත් නැති බව දැන් අප කියන්න අවශ්‍යයයි. 

රට බංකොලොත් වුණොත් විදෙස් මූල්‍ය ආයතන අප සමඟ කටයුතු කරන්නේ නැහැ. 

රටේ ජනතාව ඉතා අමාරුවෙන් ඉන්නේ. 

රැකියා කරන අයගේ වැටුප ප්‍රමාණවත් නැහැ. 

විරැකියාව ඇති වුණේ ඇයි? විරැකියාව ඇති වුණේ පැරැණි ආර්ථික ක්‍රමය නිසයි. "