Saturday, July 27, 2024

General line - 0115112241

NDB බැංකුව, 2024 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සම අනුග්‍රාහකත්වය දක්වයි




‘දේශීය සහ ගෝලීය වශයෙන් අප මුහුණ දෙන දේශගුණික විපර්යාස වලට මුහුණ දීම’ :(Climate Action for our Nation and the Planet)  යන මැයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් මැයි මස 7 දින සිට 9 වන දින දක්වා සංවිධානය කළ පළමුවන ශ්‍රී ලාංකික සමුළුවට සම අනුග්‍රාහකත්වය දක්වමින් NDB බැංකුව තිරසාර සහ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔවුන්ට තිබෙන අනාගතය පිළිබඳ දැක්ම සහ කැපවීම මනාව පිළිබිඹු කරයි.

ප්‍රමුඛ පෙලේ මූල්‍ය ආයතනයක් වශයෙන්, දේශගුණික විපර්යාස හේතුවෙන් සමාජයට සහ ව්‍යාපාර වලට සිදුවන වර්තමාන බලපෑම් සහ අනාගතයේ සිදුවිය හැකි අවධානම් පිළිබඳ දැන්ම සිටි සියලු දෙනාම අවධාරණයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම NDB බැංකුව මනාව හඳුනාගෙන තිබේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් දේශීය හා ගෝලීය බලපෑම්, ව්‍යාපාර සඳහා ඇති අවදානම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව, කාබන්ඩයොක්සයිඩ් අඩු කිරීමේ ක්‍රියාවලිය, දේශගුණික යුක්තිය සහ සාධාරණත්වය වැනි ඉතා වැදගත් මාතෘකා පිලිබඳ සාකච්ඡා කරමින් දේශීය සහ විදේශීය විද්වතුන් ඇතුළු කථිකයන් 60 ට අධික පිරිසක් මෙම සමුළුව සඳහා සිය දායකත්වය සපයා තිබෙනවා.

එපමණක් නොව කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, ඉදිකිරීම්, බලශක්ති වැනි කර්මාන්ත ඇතුළු විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් හි ඇති අභියෝග සහ අවස්ථාවන් කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

මෙම සමුළුවේ මූලික අභිප්‍රායන් වන පරිසර හිතකාමී සංවර්ධනය සහ දේශගුණික විපර්යාසවලට අනුකූලව හැඩගැසීම, NDB බැංකුවේ තිරසාර ව්‍යාපෘති වැඩසටහන සමග සමානුපාතික වන අතර මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වීමෙන් NDB බැංකුව තිරසාර මුල්‍යකරණය සහ දේශගුණික විපර්යාස වලට හැඩගැසීම සඳහා වන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන දායකත්වයක් සපයයි

මේ සඳහා සහභාගී වීම තුලින් දේශගුණික ක්‍රියකාරකම් සැලසුම් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවී සිටින ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමටද NDB බැංකුව හට අවස්ථාව හිමි වූ අතර, තිරසාරභාවය හා ගෝලීය සහ සමාජීය වශයෙන් ධනාත්මක බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට සහාය දැක්වීම සඳහා භෘඊ බැංකුව සිය කැපවීම අවධාරණය කර සිටියි.

NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව වේ- 

මෑතකදී පැවති  sian Banking & Finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ  Global Finance  සහ Euromoney  ආයතන මඟින් සංවිධානය කළ වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්‍රවිය.

මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී.

NDB බැංකුව, NDB  සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොල  තුළ අද්විතීය සේවාවන් සපයන NDB  සමූහය ප්‍රාග්ධන වෙළඳපොල ආශ්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ.

ඩිජිටල් බැංකුකරණ විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

 

&

nbsp;