Saturday, July 27, 2024

General line - 0115112241

ලොවම බලා සිටි පකිස්තානය සමග පැවති විස්සයි විස්ස තරඟයේ ජය ඉන්දියාවට




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලොවම බලා සිටි පකිස්තානය සමග පැවති තරඟය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, ලකුණු 06කින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 119ක් රැස් කළා.

එහිදී රිෂාබ් පන්ට් පන්දු 31කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42ක්.

ඇක්සාර් පටෙල් ලකුණු 20යි.

නායක රෝහිත් ෂර්මාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

සෙසු ඉන්දීය ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 10 සීමාව පසු කර යෑමට පකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේදී නසීම් ෂා සහ හැරිස් රවුෆ් කඩුලු 03 බැගින් දවා ගත්තා. 

කෙසේවෙතත් ලකුණු 120ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 31යි.

නායක බාබර් අසාම්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු 03ක් සහ හර්ඩික් පාන්ඩ්‍යා කඩුලු 02ක් බිඳ හෙළුවා.