Saturday, July 27, 2024

General line - 0115112241

ඕමානය පැරදූ ස්කොට්ලන්තයට කඩුලු 07ක ජයක්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ ඕමාන කණ්ඩායම සමග පැවති තරඟය ජය ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, කඩුලු 07කින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 150ක් රැස් කළා.

ප්‍රතීක් අතාවලි ලකුණු 54යි. පන්දු යැවීමේදී ශෆ්යාන් ෂාරිෆ් කඩුලු 02ක් බිඳ හෙලුවා.

ජයග්‍රාහී ලකුණු 151ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 13යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 153ක් රැස් කරමින් තරඟය ජය ගනු ලැබුවා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි බ්‍රැන්ඩන් මැක්මලන් පන්දු 31කදී ලකුණු 61ක් රැස් කළා.

ජෝර්ජ් මන්සි පන්දු 20කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 02ක් ඇතුළත් වුණා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් රාත්‍රී 08ට එම තරඟය පැවැත්වීමට නියමිතයි.