Saturday, July 27, 2024

General line - 0115112241

අගමැති මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට  ආ අද්භූත අමුත්තා 




අගමැති මෝදිගේ තුන්වන වරටත් දිවුරුම් දීමේ උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

අගමැති මෝදිගේ මෙම දිවුරුම් දීමේ උත්සවය අතරතුර රාෂ්ට්‍රපති භවන් හි වේදිකාව පිටුපසින් අද්භූත සතෙකු ඇවිදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වී තිබෙනවා.

මෙම සිදුවීම කැමරාවලට හසුවී තිබෙන්නේ. භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුර්ගාදාස් උයිකේ සහ අජේ ටම්ටා දිවුරුම් දෙන අවස්ථාවේදීයි 

මෙම අද්භූත සත්වයා උත්සවය අතරතුර පඩිපෙළ මත කිහිප වතාවක්ම දැකගත හැකි වූ අතර එය කුතුහලය දනවන එකක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සත්වයා එහිම ජීවත්වන සත්වයකු  බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත්, මේ සම්බදන්ධව එම උත්සවයේ සංවිධායකවරු කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා  කරන්නේ 

ඉන්දීය ජනාධිපතිවරියගේ නිල නිවසවන රාෂ්ට්‍රපති භවන් හීදී පැවති මෙම උත්සවයට ලොව පුරා අමුත්තන් 8,000 කට වැඩි පිරිසකට ආරාධනා කර තිබුණා.