Saturday, July 27, 2024

General line - 0115112241

ලක්ෂ 70කට අධික කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණියක්  ීඔත්‍ අත්අඩංගුවට




රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ 24 හැවිරිදි තරුණියක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොච්චිකඩේ පොලිස් වසමේ පළගතුරේ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

එහිදී සැකකාර කාන්තාව සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 28යි ග්‍රෑම් 310ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව සහ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.