විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ මුලු වැටලීම් 775ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 761ක් සහ සැකකාරියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 31ක් දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.
මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 523ක්.
එහිදී සැකකරුවන් 518 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 128ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 243ක් සහ ගංජා ග්‍රෑම් 531ක් එම සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.