Saturday, July 27, 2024

General line - 0115112241

ජනතාවට තරු පෙන්වන පකිස්තානයේ අයවැය




මෙම මාසයේදී ඉදිරිපත් කිරීමට ඉඩ ඇති 2024-2025 වසර සඳහා වන පාකිස්තානයේ අයවැය පාකිස්තානයේ සාමාන්‍ය ජනතාවට දැඩි ගැටලු ඇති කළ හැකි බව ආර්ථික විශේෂඥයින් අනතුරු අගවනවා.

උද්ධමනය සහ රාජ්‍ය ණය ඉහල යාම මධ්‍යයේ, පකිස්ථාන ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර ණය දෙන ආයතනවල සහන පැකේජ මත ප්‍රධාන වශයෙන් රඳා පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම ආයතනවල කොන්දේසි හේතුවෙන් මහජනතාවගේ සාක්කුවට කොතරම් පීඩනයක් ද යන්න නොසලකා, ණය දෙන පාර්ශ්වයන් විසින් නියම කරන ලද කොන්දේසි අනුව අයවැය සහ ආර්ථිකය සකස් කිරීමට පකිස්තාන  රජයට දැන් සිදුව තිබෙනවා.

කරච්චියේ වැඩ කරන වෘත්තිකයෙකු වන රෙහ්මතුල්ලා පැවසුවේ පසුගිය ආණ්ඩු කිහිපයක නායකයින් බලයට පත් වුවහොත් සාමාන්‍ය ජනතාව සනසන ප්‍රතිපත්ති සම්පාදනය කරන බවට පුන පුනා ප්‍රකාශ කළ නමුත් යථාර්ථයේ දී අයවැය වෙනස් කර නොමැති බවයි.

"අයවැය යනු ජනතාවට සහන සැලසිය යුතු හෝ සංවර්ධනය සහතික කළ යුතු ලේඛනයක් වන නමුත් අපේ රටේ අයවැය සෑම විටම රටේ පෞද්ගලික අංශය සහ IMF විසින් බලපාන පරිදි එය සිදු නොවේ. පකිස්ථානයේ සැලසුම් කොමිෂන් සභාව, මහ බැංකුව වැනි ජාතික ආයතන තම යුතුකම් ඉටු කරන්නේ නැහැ. මේ ආයතනවලින් දැන් රටේ ජනතාවට කිසිම ප්‍රයෝජනයක් නැති බව පෙනෙනවා,” ඔහු පවසනවා.

"සාමාන්‍යයෙන් අයවැය හදන්නේ රාජ්‍ය ආයතනවල හැකියාවන් ගැන හිතාගෙන නමුත් “පකිස්ථානයේ එය එසේ නොවන බව විශේෂඥයා වැඩිදුරටත් පවසා තිබෙනවා