Saturday, July 27, 2024

General line - 0115112241

අලුත්ගම සහ අවට ප්‍රදේශවල සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

සම්පත් කුලරත්න




අලු‍ත්ගම සංචාරක කලාපය සහ වෙනත් ප්‍රදේශවල පාපැදි  සහ ගෑස් සිලින්ඩර සොරකම් කළ “මුරවත්ත කසුන්”‍ නැමැති පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අලු‍ත්ගම පොලිසියේ දූෂණ මර්දන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදීයි.

එම සැකකරු අලු‍ත්ගම, මොරගල්ල, කළුවාමෝදර සහ අවට ප්‍රදේශවල සංචාරකයින්ට කුලී පදනම මත ලබා දෙන පාපැදි සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම පයාගල, කලමුල්ල සහ අවට ප්‍රදේශවල නිවෙස්වල ඇති පා පැදි සහ ගෑස් සිලින්ඩර ඇතුළු තවත් උපකරණ අදාළ පුද්ගලයා සොරකම් කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අලු‍ත්ගම කළුවාමෝදර පාලම ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් අදාළ සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු වසර තුනකට ආසන්න කාලයක් මෙලෙස සොරකම් සිදුකර ඇති අතර එලෙස සොරකම් කරන භාණ්ඩ දුම්රියෙන් මොරටුව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් අලෙවි කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.