Tuesday, October 22, 2024

General line - 0115112241

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයාගේ අවසන් තීරණය මහින්දට පැවරෙයි




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එය තීරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ස්ථීර ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි මන්ත්‍රීවරයා කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.  

රජය නියෝජනය කරන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් වර්තමාන ජනාධිපතිවරයාට සහයෝගය දීමට සාකච්ඡා කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පැවසුවේ.

ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාවගේ දුප්පත්කම නැති කිරීම සඳහා නව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළා.