Tuesday, October 22, 2024

General line - 0115112241

පාසල් සිසුවිය සමූහ දූෂණය කළායැයි සැකකරන තරුණයන් 05 දෙනෙකු අත්අඩංගුවට

එන් ඒ ඩබ් නිරෝෂන්




හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී වයස අවුරුදු 16ක පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කල බව කියන සිසුවියගේ පෙම්වතා ඇතුළු තරුණයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21ත් 24ත් වයස්වල පසුවන කඩුවල, නවගමුව ප්‍රදේශවල පදිංචි තරුණයන් 05 දෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.

එලෙස සමූහ දූෂණයට ලක්වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමුවී නැවත තම නිවස බලා පැමිණෙමින් සිටින අතරතුරදී යතුරුපැදිවලින් පැමිණි අදාල තරුණයින් කණ්ඩායම බලහත්කාරයෙන් රැගෙන ගොස් එලෙස සමූහ දූෂණයට ලක්කර තිබෙන බවටයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මෙලෙස අදහස් පළකළා.

මේ අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු දින 05ක සිට අතුරුදන්ව ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එකම පාසලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 15 සහ 17 වියේ පසුවන මිතුරියන් දෙදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම දෙමාපියන් විසින් ත්‍රිකුණාමලය පොලිසියට සහ උප්පුවේලි පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දෙකෙන්ම මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.