Tuesday, October 22, 2024

General line - 0115112241

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායම ගත් ඇතැම් තීරණ ප්‍රශ්න සහගතයි - ක්‍රිකට් සභාපතිගෙන් චෝදනා




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන් ද පුදුමයට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අනෙකුත් කණ්ඩායම්වලට සාපේක්ෂව අවශ්‍ය සෑම වරප්‍රසාදයක්ම ලබාදී ඇති බව ද ඔහු සඳහන් කළා. 

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පසුගිය කාල සීමාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් සිටිය ද මෑත කාලය වනවිට එම ප්‍රවණතාවය අඩුවී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ.