Tuesday, October 22, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවක ගින්නක් - පුද්ගලයින් 22ක් මරුට




දකුණු කොරියාවේ බැටරි කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින්  පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගින්නෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සෝල් අගනුවර, හ්වාසොං නගරයේ ඇරිසෙල් කම්හලේ ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි සිදු කෙරුණු මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ගින්න ඇති වන අවස්ථාවේදී කර්මාන්තශාලාවේ 100 දෙනෙකු පමණ සේවය කරමින් සිට තිබෙනවා.

 මියගිය පිරිස අතර චීන ජාතිකයින් 18ක්, ලාඕසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ දකුණු කොරියානු කම්කරුවන් දෙදෙනෙක්ද සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. බොහෝ සිරුරු දරුණු ලෙස පිළිස්සී ඇති අතර ඒවා හඳුනා ගැනීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බවට ද එරට බලධාරින් පවසනවා.

ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට උත්සාහ කරන විටත් කර්මාන්තශාලාවේ කුඩා පිපිරීම් සිදුවන බවට සඳහන්.

එමෙන්ම කර්මාන්තශාලාවේ වහලයේ කොටසක්ද කඩා වැටී තිබෙනවා.

කෙසේ වෙතත් ලිතියම් බැටරි පිපිපිරීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.