Tuesday, October 22, 2024

General line - 0115112241

මැතිවරණ එන්න කලින් ප්‍රචන්ඩත්වය දඹුල්ලෙන් පටන් ගනී

දඹුල්ල කාංචන කුමාර ආරියදාස




දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ විහාරහන්දිය ප්‍රදේශයේ  එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ කාර්යාලයේ ඉදිරිපිට තිබු කටවුට් බැනර් තොරණ කිසියම් පිරිසක් විසින් අද අලුයම කපා විනාශ  කර දමා තිබෙනවා 

මෙම පක්ෂ කාර්යාලය අද දින  උදෑසන දහයයි තිහට දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්නන්, අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇතුළු ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට තිබී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

දඹුල්ල  මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරියක වන නාලනී චන්ද්‍රලතා මේ පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය පිළිබදව දඹුල්ල  පොලිසිය පරික්ෂණ සිදු කරනු ලබනවා