බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වෙත ඉන්දියාව සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අලුතින් තේරී පත් වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් සමඟ දුරකථන සංවාදයක යෙදුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී ඔහු බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා හට ඔහුගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබුණා.
එමෙන්ම ඉක්මන් ඉන්දීය සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
එම දුරකථන සංවාදයේදී නායකයන් දෙදෙනාම ඉන්දු - බ්‍රිතාන්‍ය විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළ බව ද සඳහන්.
නායකයින් දෙදෙනාම දෙරට අතර ඓතිහාසික සබඳතා සිහිපත් කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.