Tuesday, October 22, 2024

General line - 0115112241

වසර තුන හමාරකට ඉන්දීය ක්‍රිකට් වගකීම ගෞතම් ගම්භීර්ට




හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර්, ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඒ, වසර තුන හමාරක කාලයක් සඳහායි.

ඒ අනුව, 2027 දෙසැම්බර් දක්වා ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස යන අංශ තුනේම ඉන්දීය කණ්ඩායමේ වගකීම ඔහු වෙත පැවරෙනු ඇති.

ගෞතම් ගාම්භීර්ගේ පළමු වගකීම වන්නේ මෙම මස අගදී සිදු වන ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයයි.

ඊට එක්දින තරඟ තුනක් සහ පන්දුවාර විස්සයි විස්ස තරඟ තුනක් ඇතුළත්. 

ගෞතම් ගාම්භීර් යනු 2007 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය හා 2011 එක්දින ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමට තීරණාත්මක කාර්යභාර්යක් ඉටු කළ ක්‍රීඩකයෙක්.

මීට අමතරව 2012 සහ 2014 ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගත් කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.  

පසුගිය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ්. ඔහු සහ ඔහුගේ සෙසු පුහුණුකාර මණ්ඩලයේ කාර්යභාර්ය ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු අවසන් වුණා. 

කෙසේවෙතත් ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු විරාත් කෝලි, රෝහිත් ශර්මා සහ රවින්ද්‍ර ජඩේජා පන්දුවාර විස්ස පිටියෙන් සමු ගැනීම ගම්භීර්ට අභියෝගයක් වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් පැවසුවේ.