Tuesday, October 22, 2024

General line - 0115112241

කණින් කොණින් අනාවරණය සැබෑ වෙමින් ඩලස් සහ චරිතගේ සහයත් සජිත්ට




එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේ බව තහවුරු කළා. 

ඒ අනුව සමගි ජන සන්ධානය ලෙස ශක්තිමත් පුළුල් බලවේගයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බවත් ඔහු පැවසුවා.

රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බව ද නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සමගි ජනබලවේගය සමග එක් වීමට නියමිත බව මීට මාසයකට පමණ පෙරදී පළමුවරට අනාවරණ කළේ නෙත් නිවුස් කණින් කොණින් ඇසුනු කතා විශේෂාංගය තුළින්.