Tuesday, October 22, 2024

General line - 0115112241

කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ කැනීම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණයට

    මාධව කුලසූරිය




කොක්කුතුඩුවායි සමූහ මිනිවළ කැනීම් කටයුතු නිරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ලු‍ඩියානා සෙල්රීන් ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

මේ වන විට සිදු වන්නේ කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ සිව්වන අදියරේ කැනීම්.

එහිදී කැළෑ ඇදුමට සමාන කොටස් ගොඩ ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධික්ෂණය යටතේ, කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කැනීම් නිළධාරීන් කණ්ඩායමක් මෙම කැණීම් සඳහා එක්ව සිටිනවා.

ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක්  ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී අදාළ ස්ථානයෙන් පළමු වතාවට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2023 ජුනි 29 වැනිදා හමුවුණා.

ඉන් අනතුරුවයි එහි කැණීම් ආරම්භ කෙරුණේ.

සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් අස්ථි කොටස් 40 ක් ගොඩගෙන තිබෙනවා.

ඒ අතරට පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් ද අයත්.