Friday, January 17, 2025

General line - 0115112241

මෝදිට රුසියාවේදී ඉහළ පිළිගැනීමක්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රුසියානු  සංචාරය අතරතුර ඔහු එරට සිටින ඉන්දීය ඩයස්පෝරාව හමුවී තිබෙනවා.

මොස්කව් නුවර වෙසෙන ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීම සම්බන්ධයෙන් තම උද්යෝගය ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා හමුවීමට ඉඩ දීම ගැන ඉන්දීය තානාපති කාර්යාලයට ස්තුතිවන්ත වන බවයි ඔවුන් පවසා ඇත්තේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජුලි 8 සහ 9 දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවේ රැඳී සිටියා.

22 වැනි ඉන්දු - රුසියා වාර්ෂික සමුළුව මොස්කව්හිදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

නරේන්ද්‍ර මෝදිගේ පැමිණීමට පෙර මොස්කව් හි ඉන්දීය ඩයස්පෝරාවේ තරුණ සාමාජිකයින් ‘වන්දේ මාතරම්’ යනුවෙන් සටන් පාඨ ඔසවා ඔහුට ඔල්වරසන් දුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.