Tuesday, October 22, 2024

General line - 0115112241

පියුමි හංසමාලිගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

  උදය කුමාර




තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එම විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩු ගොනුව කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙස අභියාචනාධීකරණයෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරිය, තමන්ට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරනු ලබන පරීක්ෂණ අත්හිටුවීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි එහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.