Friday, September 13, 2024

General line - 0115112241

අගහරු ග්‍රහයාගේ ජලය ඇති බවට සැක පල කෙරේ




අඟහරු ග්‍රහයා මතුපිටින් කිලෝමීටර් 10ත් 20ත් අතර ප්‍රදේශයක විශාල ජල ප්‍රමාණයක් තිබිය හැකි බව  පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

එම ජල ප්‍රමාණය සාගරයක් සෑදීමට තරම් ප්‍රමාණවත් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.පර්යේෂණයට සම්බන්ධ වූ කැලිෆෝනියා-බර්ක්ලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් මංගා සදහන් කලේ විද්‍යාඥයන් ජලය සොයා ගැනීම සඳහා පෘථිවියේ භාවිතා කරන උපකරණ අඟහරු පර්යේෂණ සඳහා ද යොදා ගත් බවයි.

විද්‍යාඥයන් පවසන්නේ මීට වසර බිලියන ගණනකට පෙර අඟහරු ග්‍රහයා මතුපිට  ගංගා, විල් සහ සාගරයක ස්වරූපයෙන් ජලය  තිබී ඇති බවයි.  

එම ග්‍රහලෝකයේ වායුගෝලය තුනී වීමත් සමඟ අභ්‍යවකාශයට ජලය අහිමි වී ගොස් ඇති බවයි ඔවුන් සැක පල කරන්නේ.

මෙම සොයාගැනීම් පදනම් වී ඇත්තේ  නාසා ආයතනය විසින් සිදු කල අඟහරු ග්‍රහයාගේ අභ්‍යවකාශය ගැඹුරින් අධ්‍යයනය කළ  ඉන්සයිට් ලෑන්ඩර් පර්යේෂණ දත්තයි.

එම පර්‍යේශණය වසර දෙකකට පෙර වසා දැමීමට සිදු වී තිබෙනවා.

කෙසේවෙතත් අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරය පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීම සඳහා විද්‍යාඥයන්, ලෑන්ඩරය විසින් රැස් කරන ලද දත්ත වැඩිදුරටත් විශ්ලේෂණය කරන බවයි වාර්තා වන්නේ