Sunday, October 6, 2024

General line - 0115112241

යුද්ධයෙන් විනාශ වූ සුඩානයේ වේල්ලක් කැඩී 60ක් මරුට - තවත් විශාල පිරිසක් අතුරුදන්




පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නැගෙනහිර සුඩානයේ අර්බාත් වේල්ල කැඩී යාමෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වේල්ල පුපුරා යාමෙන් ඇති වූ  ගංවතුර හේතුවෙන් අර්බාත් වේල්ල අසල ගම්මාන රැසක් ජලයෙන් යට වී ඇති බවයි 

අතුරුදන් වුවන් සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන නමුත් මියගිය සංඛ්‍යාව මීටත් වඩා ඉහළ යා හැකි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ .

අධික වර්ෂාපතනය හේතුවෙන් සුඩානයේ ප්‍රධාන දුරකථන ජාලයකට හානි වී ඇති අතර මේ වන විට රටෙහි බොහෝ ප්‍රදේශවල සන්නිවේදන ඇණහිටීමක් සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ තොරතුරු රැස්කිරීම දුෂ්කර වී ඇති අතර  කොපමණ සංඛ්‍යාවක් අතුරුදන් වී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කඳුකරයේ සරණාගතභාවය පතා සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමට ගුවන් හමුදාව උත්සාහ කරමින් සිටි බවයි එරට  පුවත්පතක් වන Merdameek වාර්තා කරන්නේ.

මෙම වේල්ල ඝන මීටර් මිලියන 25 ක ධාරිතාවකින් යුක්ත වන අතර, හමුදා රජය පදනම් වූ වෙරළබඩ නගරයක් වන Port සුඩානයේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වෙනවා.

වේල්ලට ජලය සැපයෙන්නේ නයිල් ගඟේ ඉහළ ශාඛා දෙකකින් වෙනවා 

යුද හමුදාපති අබ්දුල් ෆටා අල් බුර්හාන් ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සංචාරයක නිරත වී ඇති අතර සියලුම ෆෙඩරල් සහ රාජ්‍ය ආයතනවලින්  කලාපවල  විපතට පත් ජනතාවට උපකාර කිරීමට සහ ඔවුන්ට සහාය ලබා දීමට සියලු හැකියාවන් භාවිතා කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

මාස 16 ක සිවිල් යුද්ධයෙන් විනාශයට පත් වූ සුඩානය දැන් විශාල පිරිසක් මිය ගොස් ඇති අතර  දස දහස් ගනනකට ඔවුන්ගේ නිවාස අහිමිවී තිබෙනවා.

තවද සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම නිසා කොලරාව පැතිරීම වේගවත් වී ඇති අතර ප්‍රාන්ත පහකින් රෝගීන් 650 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 28 ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.